දිනෙන් දින උණුසුම් වෙමින් පවතින මැදපෙරදිග භූ දේශපාලනික ගැටුම් හමුවේ, ලොව පුරා කොටස් වෙළෙඳපොළ සියල්ලකගේම පාහේ හැසිරීම ද, පවතින ගැටුම්කාරී වාතාවරණය හා සමගාමී හැසිරීමක් පෙන්නුම් කරමින් සිටී.
23 රාත්‍රිය වන විට මැදපෙරදිග කලාපයේ කටාර් රාජ්‍යය ඇතුළු තවත් රටවල් ගණනාවකටම එහි උණුසුම දැනෙන්ට වුවද, 24 පෙරවරුව වන විට ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකග වීමත් සමගින් පවතින යුධමය වාතාවරණයේ සමනය වීමක් කෙටිකාලීනව හෝ දැකගත හැකිව තිබේ.
මෙම වාතාවරණය හමුවේ ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවක්ම කැපීපෙනෙන ලෙස 24 දිනයේ දී ඉහළ යනු දක්නට ලැබුණි.
මීට සමගාමීව ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් හුවමාරුවේ ද කැපීපෙනෙන වර්ධනයක් 24 දිනයේ දී වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 425.80කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 17,191.20 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 142.72කින් ඉහළ ගොස් ඒකක 5,133.90 ක් ලෙසින් සටහන්ව තිබුණි.