ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (MRE) ඔවුන්ගේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka, අගෝස්තු 02 වන දින නිල වශයෙන් විවෘත කරන බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මෙය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකෙයි. ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කට අධික වටිනාකමින් යුතු මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අරමුණු කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණය සුපිරි හෝටල්, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදය, සාප්පු සවාරි සහ MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ අත්දැකීම් එකම ස්ථානයකට රැගෙන එයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *