ඉන්දියාව කිසිසේත් ත්‍රස්තවාදය නොඉවසන බව එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසයි.

ඔහු ඒ බව පැවසුවේ චීනයේ Qingdao හි පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුවේදීය.

එමෙන්ම එම සංවිධානයේ සියලුම සාමාජිකයින් ද ත්‍රස්තවාදය හෙළා දැකිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රැස්වීම අතරතුර, ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිව එක්සත් වන ලෙස රාජ්නාත් සිං සාමාජික රටවලින් ඉල්ලීමක් කර තිබුණි.

ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථාන තවදුරටත් ආරක්ෂිත නොවන බව පෙන්වාදුන් ඉන්දියාව ත්‍රස්තවාදීන් ඉලක්ක කිරීමට ඉන්දියාව පසුබට නොවන බවද ඔහු පවසා ඇත.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ සංවාද සහ සහයෝගීතාවය සඳහා යාන්ත්‍රණයන් නිර්මාණය කිරීම තුළින් රටවල් අතර ගැටුම් වැළැක්වීම සඳහා උපකාර වෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *