චීනයෙන් එල්ල වන හමුදා ක්‍රියාකාරකම් සහ පීඩනය මධ්‍යයේ තායිවානය මෙතෙක් පැවති විශාලතම හමුදා අභ්‍යාසය සිදු කිරීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

තායිවානයේ ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ එරට පාර්ලිමේන්තුවට දන්වා ඇත්තේ, තායිවානයේ මීළඟ යුද අභ්‍යාසය වන ”Han Kuang” අභ්‍යාසය ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත බවයි. 

ඒ සඳහා හමුදා සාමාජිකයින් 22,000ක් සහභාගී කරවීමට සූදානම් බව ද ඔහු පවසා තිබුණා. 

තායිවානය මීට පෙර සිදු කළ එවැනි යුද අභ්‍යාසයක් සඳහා සහභාගී කරවා ගෙන තිබුණේ, හමුදා සාමාජිකයින් 14,647ක් පමණයි. 

මෙම හමුදා අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වන්නේ, සංචිත බළකායක් කැඳවීමෙන් පසු සම්පූර්ණ සටන් හැකියාව නැවත ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද යන්න තහවුරු කර ගැනීම බව තායිවානයේ ආරක්ෂක අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා ක‍ර තිබුණා. 

එරටේ සෑම 19 හැවිරිදි පිරිමි පුරවැසියෙකුටම වසරක අනිවාර්ය හමුදා සේවයක් හෝ ඊට සමාන සිවිල් සේවයක් සම්පූර්ණ කිරීමට අවශ්‍යයි. 

ඔවුන්ගේ වසරක සේවය අවසන් වූ පසු ඔවුන් රක්ෂිතයන් ලෙස ලැයිස්තුගත කර ඇති අතර, ඔවුන් නිදහස් කරන තෙක් ඔවුන් දිගටම කැඳවනු ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *