ශ්‍රී ලංකාවේ වාහන තාක්ෂණය නව මානයකට යොමු කරමින් රට තුළ EV ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් EV Motor Show 2025 මෙම මස 27-28-29 යන දියන්වල BMICH හිදී පැවැත්වේ.
මෙහිදී සහභාගි වන පාරිභෝගිකයන් හට නවතම EV පිළිබඳ සජීවී අත් දැකීම් විඳ ගැනීමේ හැකියාව පවතින අතර ලංකාවේ ප්‍රසිද්ධ වාහන ආනයනය කරන සමාගම් රාෂියක් මෙම ප්‍රදර්ශනය උදෙසා අත්වැල් බැඳගෙන සිටීම විශේෂත්වයකි.
එමෙන්ම මෑතකාලීනව දැඩි කතා බහට ලක්වු මිලියන 4.5ක් පමණ වටිනා EV රථය පිළිබඳ පැමිණි සියලු දෙනාගේ පාහේම අවදානය යොමු වී තිබූ නමුත් අවාසනාවට මෙන් එම රථය මෙරටට ගෙන්වන සමාගමට එහි සජීවී අත්දැකීමක් ස්වකීය පාරිභෝගිකයාට සමීප කිරීමට නොහැකිව තිබින.
කෙසේ නමුත් ලෝකයේ බොහෝ රටවල් පොසිල ඉන්දන දහනයෙන් භාවිතා වන වාහන වලින් බැහැරව EV වෙත යොමුවන කාලයක ලංකාවද රටක් ලෙස එම මාර්ගය ගැනීම සතුටට කරුණකි.
Asiatoday වෙත අදහස් දැක්වූ ප්‍රදර්ශන සංවිධායකයින් පවසා සිටියේ තමන් බලාපොරොත්තු වූවාට වඩා පාරිභෝගික ආකර්ෂණයක් මෙම ප්‍රදර්ශනයට ඇති බවයි.
එමෙන්ම Asiatoday අදහස් දැක්වූ පාරිභෝගිකයින් කියා සිටියේ තමන්ට මෙය මහඟු අවස්ථාවක් බවයි.











