ඉරානයට නැවතත් පහරදීමට තමන් සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානයට යුරේනියම් සැලකිය යුතු මට්ටමකට සුපෝෂණය කළ හැකි බවට බුද්ධි අංශ නිගමනය කළහොත් තමන් කිසිදු සැකයකින් තොර ඉරානයට නැවත පහර දෙන බවය.
මින් පෙර සති අන්තයේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුමට අමෙරිකාව සෘජුව සම්බන්ධ වෙමින් ට්‍රම්ප් ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය.