ශ්‍රී ලංකාව තුළ Starlink චන්ද්‍රිකා සේවාව මෙම මස සිට ඇර‍ඹෙයි.

අද (02) දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්,විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා මෙරට තුළ Starlink සේවාව ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ Starlink සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව ලබාදීම සඳහා මෙරට එහි තාක්ෂණික අයක්‍රම සහ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කළ බවත්,  ඒ අනුව ස්ටාලර් ලින්ක් ආයතනය විසින් මේ වන විට ඔවුන්ගේ සේවාව ශ්‍රී ලංකාව තුළ මෙම මස සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙන බවත් ය.

ඒ අනුව ඉදිරියේදී ඔවුන්ගේ සේවාව මෙරට පාරිභෝගිකයන් වෙත සැපයිම සඳහා ඔවුන්ගේ පළමු උපකරණ කට්ටල් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මඟින් අවසර ලබා දී ඇත.

එතුමන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම සේවාව මෙරටට ලබාදීම තුළින් අන්තර්ජාල පහසුකම් වර්ධනය වීම ඔස්සේ මෙරට ඉදිරි ඩිජිටල්කරණ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් වනු ඇති බවයි.

ඊට අමතරව ලෝකප්‍රකට SpaceX සමාගමේ වේගවත් අන්තර්ජාල සේවාව වන ‘Starlink’ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මක බව එහි හිමිකරු ඊලෝන් මස්ක් ද X පණිවිඩයක් මගින් නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *