ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ ජපාන විදේශ අමාත්‍ය ඉවායා ටකේෂි අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ අමෙරිකාවේ වොෂිංටන් හිදී පැවැති Quad එකමුතුවේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීවයි.

එහිදී මෙම වසරේ පැවැත්වීමට නියමිත වාර්ෂික ඉන්දු – ජපාන අග්‍රාමාත්‍යවරුන්ගේ සමුළුව සහ එහි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන් ම පසුගිය මාසයේ ඉන්දියාවේ ගුජරාට් හි සිදුවූ ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට ජපාන අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

තව ද, වත්මන් ජාත්‍යන්තර තත්ත්වය යටතේ ජපාන-ඉන්දියා සහයෝගීතාවයේ වැදගත්කම වැඩිවෙමින් පවතින බවත්, බෙදීම් හා ගැටුමට වඩා සහයෝගීතාව සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මෙහෙයවීම අරමුණු කරගත් “නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් (FOIP)” සංකල්පයේ වැදගත්කම වැඩිවෙමින් පවතින බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජපානය – ඕස්ට්‍රෙලියාව – ඉන්දියාව – එක්සත් ජනපදය යන රාමුව උපයෝගී කරගනිමින් සහ අමාත්‍ය ජයිශංකර් සමඟ සම්බන්ධීකරණයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ජපානය සිය කාර්යභාරය සක්‍රීයව ඉටු කිරීමට කැමති බව ද ජපාන විදේශ අමාත්‍යවරයා එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරා වෙත පවසා තිබෙනවා.

දෙපාර්ශවය අතර දේශපාලනික සහ ආරක්ෂක වශයෙන් වර්ධනය වී ඇති ධනාත්මක සබඳතා පිළිබඳ අමාත්‍ය ජයිශංකර් එශිදී පෙන්වා දී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *