ශ්‍රී ලංකාවේ මීළඟ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස මැතිව් ඩක්වර්ත් මහතා නම් කර තිබේ.

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව නිවේදනය කර ඇත.

ඩක්වර්ත් මහතා එරට විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය නිලධාරියෙකු වන අතර මෑතකදී එක්සත් ජනපද වෙළඳ කාර්ය සාධක බළකායේ සහකාර ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.

මීට අමතර ඔහු ඔස්ට්‍රේලියා-යුරෝපා සංගම් නිදහස් වෙළෙඳ ගිවිසුමේ නියෝජ්‍ය ප්‍රධානියෙකු ලෙසද කටයුතු කර ඇති බව සඳහන්ය

ඔහු මීට පෙර ඉන්දුනීසියාවේ සහ කාම්බෝජයේ විදේශයන්හි සේවය කර ඇත.

2022 සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුළ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස පෝල් ස්ටීවන්ස්ට මහතා කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *