ඇමරිකාව පැනවු නව තීරුබදු සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. 

කෙසේ වෙතත් මෙම තීරුබදු හේතුවෙන් ගෝලීය ආර්ථික දැක්මේ අවිනිශ්චිතතාවය ඉහළ මට්ටමක පවතින බවයි එම අරමුදල සඳහන් කළේ. 

ඒ අනුව ස්ථාවර වෙළඳ පරිසරයක් ගොඩනැගීම සඳහා ඵලදායී ලෙස කටයුතු කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටවලින් ඉල්ලා සිටිනවා. 

එසේම අගෝස්තු 1 වනදාට පෙර ලෝක ආර්ථික දැක්මට අදාළව යාවත්කාලීන කිරීමක් නිකුත් කිරීමට ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සුදානමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *