ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
එම සංගමයේ භාණ්ඩාගාරික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා පැවසුවේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය යන රෝගී තත්ත්වයන් වකුගඩු රෝගයට ප්‍රධාන හේතූන් වී ඇති බවය.