අමෙරිකා එක්සත් ජනපදය යුනෙස්කෝවෙන් ඉවත් වන බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

යුනෙස්කෝ සංවිධානය, අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තියට පටහැනිව එම සංවිධානය ක්‍රියා කරන බවයි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා අත්තේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක කෙරෙහි, ගෝලීයවාදී, දෘෂ්ටිවාදාත්මක න්‍යාය පත්‍රයක් වන, බෙදීම් සහගත සමාජ හා සංස්කෘතික අරමුණු ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව සඳහන්.

මේ අතර, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක කෙරෙහි අවධානයක් යොමු කරමින් සිටින බවද සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *