ශ්‍රී ලංකාව තුළ අන්ත දුගී භාවයට පත්ව ඇති පවුල් 78,437ක් සිටින බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක මේ බව සඳහන් වේ.
එම නිවේදනයට අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ අස්වැසුම ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් 285,748ක් සිටින අතර ඔවුන් අන්ත දුගී, දුගී සහ දුගී භාවයට පත් වීමේ අවදානමින් සිටින පවුල් වලින් සමන් විත වී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ අන්ත දුගී භාවයෙන් පෙලෙන පවුල් 78,437ක්, දුගී භාවයෙන් පෙලෙන පවුල් 140,825 ක් සහ දුගී භාවයට ලක් වීමේ අවදානමින් පසුවන පවුල් 66,486ක් වාර්තා වී ඇත.