රුසියාවේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 8.7ක දැවැන්ත භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
ඒ අනුව, ඇලස්කාවේ සහ හවායි හි සුනාමි අනතුරු ඇඟවීම් සහ බටහිර වෙරළ තීරයේ අනෙකුත් ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට සැතපුම් 85ක් පමණ ඔබ්බෙන් මෙම භූමිකම්පාව සිදුවී ඇති අතර, එහි ගැඹුර සැතපුම් 12කට ආසන්න බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.
එමෙන්ම කැලිෆෝනියාව, ඔරිගන් සහ වොෂින්ටනය මෙන්ම එක්සත් ජනපද භූමිය වන ගුවාම් ද සුනාමි නිරීක්ෂණය යටතේ පවතින අතර තර්ජනය තක්සේරු කරමින් පවතිනවා.
එරට වේලාවෙන් සවස 7:15ට පමණ පසු පළමු සුනාමි රළ හවායි වෙත ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
හොක්කයිඩෝ සිට කියුෂු දක්වා ජපානයේ පැසිෆික් වෙරළබඩ ප්‍රදේශ සඳහා ද අනතුරු ඇඟවීම් නිකුත් කරන තිබෙනවා.
ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු ඇඟවූයේ, එරට වේලාවෙන් පෙ.ව. 10:00ට පමණ උතුරේ හොක්කයිඩෝ වෙත මීටර් 1ක් (අඩි 3 ක්) පමණ උස සුනාමියක් ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, නැගෙනහිර හොන්ෂු සහ දකුණේ කියුෂු යන ප්‍රදේශවලට පසුව රළ පැමිණෙන බවත්.
වෙරළ තීරයෙන් සහ ගං මෝයවලින් ඈත්ව සිටින ලෙසත්, නිරීක්ෂණය කිරීම සඳහා ජලයට ළඟා නොවන ලෙසත් ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.