ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස් ජයිශංකර් නිල සංචාරයක් සඳහා රුසියාවට යාමට නියමිත බවත් එළඹෙන 21 වැනි දා ඔහු රුසියාවට පැමිණීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා ක‍රනවා.

එහිදී ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙන්ම රුසියානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් හමුවීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය මේවනවිටත් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය පිළිබඳ නිවේදනය කර තිබෙනවා.

මෙම සංචාරයේ දී දෙරටේ ද්විපාර්ශවික සම්බන්ධතා පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වන අතර මෙම වසර අගදී සිදු කිරීමට නියමිත බව පැවසෙන රුසියානු ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සඳහා දෙපාර්ශ්වයම කටයුතු සම්පාදනය කිරීමේ සාකච්ඡා ද සිදු කෙරෙනු ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා කර තිබුණා.

ඒ දෝවාල්ගේ රුසියානු සංචාරයට සමගාමීවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *