කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් සුවිශේෂී මංසළකුණක් තබමින්, ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය ඒකක 6,000 සීමාව ඊයේ (19) දිනයේ දී ඉක්මවා යන ලදී.
ඒ අනුව ඊයේ දින ගනුදෙනු අවසානයේ දී ඒකක 58.46ක වර්ධනයක් සනිටුහන් කරමින් S&P SL20 දර්ශකය ඒකක 6,055.92ක් ලෙසින් සටහන් විය.
මේ අතර ඊයේ දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ද මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගයේ වාර්තාව යළි අලුත් කරමින් ඒකක 20,571.07ක් දක්වා ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 100.55ක වැඩිවීමකි.
රු. බිලියන 10.85ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනය තුළ වාර්තා විය.
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් අතුරින් අවම මට්ටම සම්පුර්ණය කරන්නාවූ වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයකින් යුත් සමාගම් අතරින් විශාලත්වය (වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය), ද්‍රවශීලතාව හා මූල්‍ය ශක්‍යතාව යන සාධක කෙරෙහි අවධානය යොමුකොට තෝරාගත් සමාගම් 20ක් S&P SL20 දර්ශකය ගණනය කිරීමට භාවිත කරනු ලබයි.
මෙම සමාගම් 20 චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය (Float-adjusted market capitalization) මහින් බර තබා ඇත්තේ තනි සමාගමක නියෝජනය 15%ක උපරිමයකට යටත් කිරීම හරහා ආයෝජන කළඹෙහි විවිධාංගීකරණය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණෙනි.
S&P ශ්‍රී ලංකා 20 දර්ශකය අන්තර්ජාතික ප්‍රමිතීන් හා පිළිවෙත් වලට අනුව යමින් නිර්මාණය වී ඇත. මෙහිදී සියලූම කොටස් S&P Dow Jones Indices සහ MCSI යන ආයතන විසින් නිර්මාණය කරන ලද ගෝලීය කර්මාන්ත වර්ගීකරණ ප්‍රමිතින්ට (Global Industry Classification Standard) (GICS) අනුව සලකා බලා වර්ගීකරණයට ලක්වේ. මෙම ක්‍රමවේදය ලොව පුරා සිටින වෙළෙඳපොල සහභාගීකරුවන් විසින් ඉතා පුළුල් ලෙස හාවීතයට ගනු ලබයි.
S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර්ගතවීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල් මිලියන 0.25කට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුල එක මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ.