ඉන්දියාවේ උතුරු උත්තර් ප්‍රදේශ්හි සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ට්‍රැක්ටරයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මේ හේතුවෙන් තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවය.
එමෙන්ම අනතුරින් මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවෙකු ද සිටින බව සඳහන් වේ.