උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ.

එළඹෙන සැප්තැම්බර් 03වන දින චීනයේ පැවැත්වෙන ජයග්‍රාහී දින පෙළපාලියට උතුරු කොරියානු නායකයා සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම සංචාරය උතුරු කොරියානු නායකයාගේ පළමු ජාත්‍යන්තර මට්ටමේ නායකයින් සහභාගී වන හමුව වන බව චීනය පවසයි. 

ජපානයට එරෙහි යුද්ධයේ 80 වන සංවත්සරය සැමරීම සඳහා පැවැත්වෙන ජයග්‍රාහී දින පෙළපාලියට රාජ්‍ය නායකයින් 26 දෙනෙකු සහභාගී  වීමට නියමිත අතර රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් ද සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *