එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටි පලස්තීනයේ බටහිර ඉවුරේ ජනාධිපති මහමුද් අබ්බාස් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් 80කට විසා අවලංගු කිරීමට හෝ නිකුත් නොකිරීමට තීරණය කළ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පවසනවා. රාජ්‍ය දෙපාර්තුමේන්තුව ද මේ බව තහවුරු කළා.

ඊශ්‍රායෙලය ගාසා තීරයේ මෙහෙයුම් නැවත්වීමට අකමැත්ත පලකිරීමට විරෝධයක් ලෙස ප්‍රංශය ඇතුළු බටහිර කඳවුරේ රටවල් කීපයක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සම්මේලනය අතරතුර පලස්තීනය රටක් ලෙස පිළිගැනීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා සැසියක් කැඳවා තිබෙන අතරතුර මෙම තොරතුරු ලැබී තිබෙනවා. කෙසේ වෙතත් 1947 වසරේ එක්සත් ජනපද සහ එක්සත් ජාතින් අතර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පිළිබඳව අත්සන් තබා ඇති ගිවිසුම ප්‍රකාරව ඇමරිකාව ඕනෑම රාජ්‍යයක් හා තිබෙන සබඳතාව නොසලකා ඔවුන්ට එක්සත් ජාතීන්ගේ ඉසව් සඳහා සත්කාරකත්වය දැක්විය යුතුව තිබෙනවා.

ඇමරිකාවේ මෙම තීරණය පලස්තීනයට වඩා ඔවුන්ගේම පිලේ රටවල් වලට දැක්වූ ප්‍රතිචාරයක් බවයි වෙස්ට්විව් භූ දේශපාලන සහ ආරක්ෂක විශේලෂණ වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *