නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පන තත්ත්වයෙන් පසු ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

කිලෝමීටර් 8ක ගැඹුරකින් යුත් මෙම භූ කම්පන තත්ත්වයෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් ප්‍රකාශ කළේ.

භූ කම්පනයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය කියා සිටියේ පසු කම්පන කිහිපයක් ද සිදුව ඇති අතර ඒවා පිළිවෙළින් රික්ටර් මාපකයේ ඒකක 4.5 සහ 5.2 දක්වා පරාසයක පවතින බවයි.

භූ කම්පන තත්ත්වයෙන් දැඩි හානි සිදුව ඇත්තේ පාකිස්ථානය සමග දේශසීමා ආසන්නයේ ඇති කුනාර් පළාතේ නොර්ගල් දිස්ත්‍රික්කයේ වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *