ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක් යොදවා තිබේ.

රාත්‍රී කාලයේ මෙම අනතුර සිදු වූ හෙයින් මුදාගැනීමේ කටයුතු පහසු කිරීම සඳහා මෙම යානය යොදවා ඇති බව සඳහන්.

පවතින අන්ධකාරය හේතුවෙන් මුදවාගැනීමේ කටයුතු දැඩි ලෙස වෙහෙසකර වී තිබේ.

මේ වනවිට මුදාගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිද හමුදා සාමාජිකයන් රැසක් අනතුර සිදු වූ ස්ථානය වෙත කැඳවා තිබේ.

මෙම යානය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රදානයක් ලෙස පසුගිය වසරේ දී ලැබී කමිෂන් කරන ලද්දකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *