එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 60 වන සැසි වාරය අද (08) වන දා සිට ඔක්තෝබර් 08 වන දා දක්වා ඇමරිකාවේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහභාගී වීමට නියමිත බව වාර්තාවේ.

මෙම මස 21 වැනි දිනට ජනාධිපති අනුර දිසානායක බලයට පත් වී වසරක් සපිරෙන අතර ආණ්ඩුව බලයට පත් වී මාස 8කට ආසන්න කාලයක් ගෙවී යමින් පවතින අවස්තාවක පැවැත්වෙන මෙම 60 වන මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය විසින් යෝජනාවක් ගෙන ඒමට සූදානම් බවට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව වාර්තාවේ.

මීට පෙර පැවැත්වුණු 59 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශවල ප්‍රධාන වශයෙන් ම ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) අහෝසි කිරීම මෙන්, මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත, ICCPR පනත වැනි පනත් අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සඳහන් කර තිබිණි.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර ඔහුගේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද ඉහත පනත් සංශෝධනය සහ අහෝසි කර ඒ සඳහන් කර සුදුසු ආකාරයේ නව නීති පැනවීම ‍සම්බන්ධයෙන් සඳහන් කර තිබිණි.

නමුත් වර්තමාන ජනාධිපතිවරයා ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ද අවස්ථා ගණනාවකදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මගින් විවිධ පුද්ගලයන්ව රැඳවුම් නියෝග මත රඳවා ගැනීම ද සිදු වීම තුළ ඒ පිළිබඳ මෙවර 60 වන සමළුවේදී වැඩි අවධානයක් දෙනු ඇතැයි කිව හැකිය.

ඊශ්‍රායලයට එරෙහිව විරෝධතාවක නිරත වූ පුද්ගලයෙකු මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා තබා ගත් බවට සමාජයේ දැඩි කතාබහක් ඇති වූ අතර පසුව එම පුද්ගලයා මුදා හැරිණි.

මෑතකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් ද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම සිදු විය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් නිල සංචාරයක් වෙනුවෙන් පසුගිය ජූනි මස ශ්‍රී ලංකාවට පැමිණි අතර එම සංචාරයේදී ඔහු මේ වන විටත් කැණීම් කටයුතු සිදු වෙමින් පවතින චෙම්මනි සුසාන භුමියේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් නිල සංචාරයක් වෙනුවෙන් පසුගිය ජූනි මස ශ්‍රී ලංකාවට පැමිණි අතර එම සංචාරයේදී ඔහු මේ වන විටත් කැණීම් කටයුතු සිදු වෙමින් පවතින චෙම්මනි සුසාන භුමියේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ඒ අනුව ලංකාව වෙනුවෙන් ඇති යෝජනාව තුළ අතුරුදන් වූවන්, උතුරේ ඉඩම් සහ සත්‍යය හෙළිදරව් කිරීම වැනි කාරණා සිදු කිරීමට රජයට බල කිරීමක් වැනි යමක්ද ඇතුළත් විය හැකිය.

තතු මෙසේ තිබියදී විදේශකටයුතු අමාත්‍යංශයේ මැදිහත් වීම මත එක්සත් රාජධානිය විසින් ගෙන ඒමට නියමිත මෙම යෝජනාවට විරුද්ධව සහය ලබා ගැනීම උදෙසා රාජත්‍රාන්තික මට්ටමින් සාකච්ඡා ආරම්භ කොට ඇති බව විදෙශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

තවද දිනකට එක් වෙඩිල්ලක් පාහේ පත්තුවන තත්වයක් රට තුළ උද්ගතව ඇති මොහොතක ජනාධිපති වරයාද මෙම සමලුවට සම්බන්ධ වීමට නියමිත බව කැබිනට් මාධ්‍යප්‍රකාශක වරයා පසුගියදා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *