පිලිපීනයේ මින්ඩනාඕ (Mindanao) කලාපයේ ඩවාඕ ඔරියන්ටල් (Davao Oriental) හි මනේ (Manay) නගරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ආසන්න වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට වහාම උස් බිම් වෙත ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.
පිලිපීන භූ කම්පන විද්‍යා ආයතනය (Phivolcs) මෙම ප්‍රබල භූ කම්පනයෙන් හානි සහ පසු කම්පන අපේක්ෂා කරන බවට ද අනතුරු ඇඟවා තිබෙනවා.
සාමාන්‍ය වඩදිය මට්ටමට වඩා මීටරයකට වඩා වැඩි තරංග උසක් අපේක්ෂා කරන බවයි Phivolcs සඳහන් කර ඇත්තේ.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (Pacific Tsunami Waing Center) පැවසුවේ, පිලිපීනයේ වෙරළ තීරයන්හි වඩදිය මට්ටමට වඩා මීටර් 1 සිට 3 දක්වා උසැති රළ ඇතිවීමට ඉඩ ඇති බවයි.
එමෙන්ම ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි (Sulawesi) සහ පැපුවා (Papua) කලාප සඳහාද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, එය වෙරළ තීරයට සෙන්ටිමීටර 50ක් තරම් උස රළ පහරවල් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය භූ කම්පනයේ කේන්ද්‍රස්ථානයේ සිට කිලෝමීටර් 300ක් (සැතපුම් 186ක්) ඇතුළත පිහිටි වෙරළ තීරයන් සඳහා අනතුරුදායක සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
පලාවු (Palau) හි ඇතැම් වෙරළ තීරයන්හිද මීටරයක් දක්වා රළ ඇතිවිය හැකි බව වාර්තා වෙනවා.