පැසිපික් සාගරයේ ෆීජි දූපත් රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 174ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට වේලාවෙන් අද (14) පෙරවරු 8.00ට පමණ මෙම භූකම්පනය හටගෙන තිබේ.
භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.