6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදී මේ දිනවල පැවැත්වේ.

ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි විය.

ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත  ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 1500 බාලක ඉසව්වේ ලෝකඩ පදක්කම ඊයේ රාත්‍රියේ දිනා ගත්තේ ය.

ඒ, මිනිත්තු 3යි තත්පර 59යි දශම 4යි 7ක කාලයකින් තරගය අවසන් කරමින් ය.

ශ්‍රී ලංකාවේ ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 100 බාලිකා ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා ය.

ඇය සටහන් කළ කාලය තත්පර 11යි දශම 9යි 2ක්.

මේ අතර, ශ්‍රී ලංකාවේ ඉමේෂ් සිල්වා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 200 බාලක ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (17)  සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, සෞදි අරාබියේදී අද උදෑසන පැවැති මූලික වටයේ තරගයේදී දෙවැනි ස්ථානයට පත් වෙමින්.

ඔහු දැක්වූ දක්ෂතාවය තත්ත්පර 21යි දශම 7යි 1ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *