පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රතිඵල මේවන නිකුත් වෙමින් පවතී. ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී පෙනී යන කාරණයක් වන්නේ, ඇතැම් පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් ලබා ඇති ආසන ගණනට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් සෙසු පක්ෂ එකතුව ලබා ගෙන ඇති බවයි.

ඒ අනුව, යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයක බහුතර බලය ලබා ගත්ත ද, විපක්ෂයේ පිරිස් ඊට වඩා බලයක් ලබා ගතහොත් සිදුවන්නේ කුමක් දැයි සමාජ මාධ්‍ය ජාලාවල කතා බහක් ඇතිව තිබේ.

පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක තේරී පත්වන සභික සංඛ්‍යාව 50%ක් හෝ ඊට වැඩි වුවහොත් අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට සභාපති සහ උප සභාපති නම් කර එවන ලෙස මැතිවරණ කොමිසම දන්වනු ලබයි.

එහෙත් එසේ බලයක් ලබා නොගතහොත් ඊට මැතිවරණ කොමිසම මැදිහත් නොවී සභාපති හෝ නගරාධිපති පත් කර ගැනීම අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයන්ගේ එකඟතාව මත සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක කියා සිටියේය.

එසේ එකඟත්වයකට පැමිණීමට නොහැකි වුවහොත් පළාත් පාලන කොමසාරිස් විසින් අදාළ ඉදිරි කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය.

එවිට සිදුවන්නේ පළාත් පාලන කොමසාරිස් සහ අදාළ දිස්ත්‍රික්කයේ සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා මූලිකත්වයෙන් පළවෙනි රැස්වීම පවත්වා, සභාවට තේරී පත් වූ සභිකයින් අතර නැවත ඡන්දයක් සභාව තුළ පවත්වා, ඒ ඡන්දයෙන් පොදු එකඟතාවය මත සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරාගනු ලබයි

පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ හැකියාවක් නොමැති බව ඡන්ද විමසිම් ආඥා පනතේ පැහැදිලිව දක්වා ඇති අතර එහි දැක්වෙන්නේ යම් තනි පක්ෂයක් සභික සංඛ්‍යාවෙන් 50% ක් ගත්තොත් ඒ පක්ෂයේ මහ ලේකම්ටහට සභාපති / නගරාධිපති / උප සභාපති / උප නගරාධිපති තෝරාපත් කළ හැකි බවවයි

කෙසේ වෙතත් වැඩි ඡන්ද ලබාගත් පක්ෂය ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 50% ලබාගෙන නොමැති විටදී සභාව තුළ විවෘත ඡන්දයක් පවත්වා නගරාධිපති / උප සභාපති / උප නගරාධිපති තෝරාපත්කර ගන්නා අතර එවිට එම තැනැත්තා බහුතර ඡන්ද ලබාගත් පක්ෂයෙන් පිට වෙනත් අයෙකුද වීමේ හැකියාව පවතී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *