ඉරානයේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය X සටහනක් තබමින් පවසා තිබේ.

එම තානාපති කාර්යාලයට අනුව, ඉරාන විදේශ අමාත්‍යවරයා ඉන්දීය සංචාරයට පෙර පාකිස්තානයට පැමිණෙන අතර අනතුරුව නවදිල්ලිය වෙත පැමිණෙනු ඇති.

ඉකුත්දා කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉරානය ඉන්දියාවට සහාය පළ කර තිබුණි.

ඉරානය පැවසුවේ සියලු ආකාරයේ ත්‍රස්තවාදයට ඔවුන් දැඩිව විරුද්ධ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *