සිරියාව සඳහා ක්‍රියාත්මක කරන සියලු සම්බාධක ඉවත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සෞදි අරාබියේ සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සාකච්ඡාවක් අතරතුර ඒ බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සිරියාවට ඉදිරියට යාම සඳහා මෙය මහගු අවස්ථාවක් බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

එමෙන්ම සෞදි අරාබිය සමඟ ඩොලර් බිලියන 142ක අවි ගනුදෙනුවක් සිදුකිරීමටද අමෙරිකාව එකඟත්වයකට පැමිණ ඇති බව සඳහන්ය.

අමෙරිකානු ජනාධිපතිවරයා සිය පළමු විදේස් සංචාරය ලෙස සෞදි අරාබියේ සංචාරයක නිරත වේ.

ඊට අමතරව කටාර් සහ එක්සත් අරාබි එමීර් රජ්‍යයේද ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරය කිරීමට නියමිත බව සඳහන්ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *