අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබේ.

එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලය 277කට ආසන්න පිරිසක් නෞකාව තුළ සිට ඇති අතර ඉන් පුද්ගලයින් 22කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයිද ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරින් පසු විනාඩි 40කට ආසන්න කාල සීමාවක් සඳහා පාලම වසා දැමීමට නිව්යොර්ක් නගරයේ බලධාරීන් පියවර ගෙන තිබු අතර තත්ත්වය පසුව නැවත පාලම විවෘත කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් අනතුරින් පාලමට කිසිදු හානියක් සිදුව නොමැති බව නිව්යෝර්ක් නගරාධිපතිවරයා සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *