කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි  NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි කරමින් එම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ.

එහි පාලනාධිකාරිය පවසා තිබෙන්නේ ආයතනය වසා නොදැමීමට ගත හැකි සියලු උත්සාහයන් සලකා බැලූවද ඉන් පලක් නොවූ බවයි.

මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබියතුරු දමා වසා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳීසිටින බව පැවසෙයි.

මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් ඉදිරි පියවරක් ගැන නොදැනුවත්ව අසරණවී සිටින බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *