ගෝල්ඩන් ඩෝම් නම්, ඊශ්‍රායල ආරයේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමට වන සැලසුමක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවරණය කළේය.

වසර තුනකදී ඉදිකිරීමට සැලසුම්ගත මේ ගුවන් ආරක්ෂණ පද්ධතියට වැයකිරීමට නියමිත පිරිවැය
අමෙරිකානු ඩොලර් බිලියන 175කි.

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපති, 

“අමෙරිකානු භූමිය විදෙස් මිසයිල ප්‍රහාරයකින් ආරක්ෂා කරගන්න නවීන මිසයිල ආරක්ෂණ පද්ධතියක් සකස් කරන බවට මැතිවරණ ව්‍යාපාරය අතර මම පොරොන්දු වුණා. එහි කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වුණාම ලෝකයේ අනෙක් කොනේ සිට හෝ අභ්‍යවකාශයේ සිට හෝ පැමිණෙන මිසයිලයකින් වුවත් රට ආරක්ෂා කිරීමට ගෝල්ඩන් ඩෝම් පද්ධතියට හැකියාව පවතිනවා. ඔබ දන්නා පරිදි ඊශ්‍රායලයේ පද්ධතිය සැකසීම අපි සහාය දුන්නා. එය අති සාර්ථකයි. අපි සතුව දැන් ඊටත් වඩා දියුණු තාක්ෂණයක් පවතිනවා”

මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 175ක් පමණක් වැය වෙතැයි ට්‍රම්ප් පැවසුවත්, ඊට අමෙරිකානු ඩොලර් බිලියන 500කට ආසන්න වනු ඇති බවයි කොංග්‍රසය ගණන් බලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *