IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අනුමත කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වීමට නියමිත බව අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් තහවුරු කළාය.
බ්‍රහස්පතින්දා (22) වොෂින්ටන් ඩීසී හි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යෙව්දිනියක් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, IMF විධායක මණ්ඩලයේ අනුමැතිය විදුලි පිරිවැය-ප්‍රතිසාධන මිලකරණය යථා තත්ත්වයට පත් කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැලපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම සම්බන්ධයෙන් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම මත රඳා පවතින බව ඇය අවධාරණය කළාය.
බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැපවූ මූල්‍ය දායකත්වයන් තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරන මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම මත ද මණ්ඩල අනුමැතිය රඳා පවතින බව ඇය තවදුරටත් අවධාරණය කළාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩලය අප්‍රේල් 25 වන දින රටේ ආර්ථික වැඩසටහනේ සිව්වන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹුණි. විධිමත් ලෙස අනුමත වූ පසු, ශ්‍රී ලංකාව එහි අඛණ්ඩ IMF විධිවිධානය යටතේ ඩොලර් මිලියන 334 ක විසර්ජනයකට ප්‍රවේශය ලබා ගනු ඇත.
කෙසේ වෙතත්, අනුමැතිය ලැබීම රඳා පවතින්නේ ඉහත සඳහන් කළ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්පූර්ණ කිරීම මත ය.