හාවඩ් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා තිබේ.

ඒ අනුව මේ වන විට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් වෙනත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම හෝ රටින් පිටවිය යුතු වේ.

ට්‍රම්ප් මේ තීරණය ගනු ලැබුවේ ඇමරිකානු විරෝධී, ත්‍රස්තවාදී හිතවාදී උද්ඝෝෂකයින්ට හාවඩ් විශ්වවිද්‍යාලය තුළ හිතවාදී පරිසරයක් නිර්මාණය කර ඇති බව එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පසුබිමකදීයි

අමෙරිකානු රජය චෝදනා කළේ, හාවර්ඩ් විශ්ව විද්‍යාලය චීන කොමියුනිස්ට් පක්ෂය සමඟද කටයුතු කරන බවයි.

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විදේශීය සිසුන් 6,800ක් පමණ අධ්‍යාපනය ලබන අතර එම සංඛ්‍යාව සියලු හාවඩ් සිසුන්ගෙන්  25%ක ප්‍රමාණයක්.

හාවඩ් විශ්වවිද්‍යලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම පළිගැනීමේ ක්‍රියාව හාවඩ් සිසුන්ට සහ රටට බරපතල හානියක් සිදු කරන බවයි.

මෙමගින් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පර්යේෂණ කටයුතු වලට හානියක් සිදු කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *