ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G7 සමුළුවට සහභාගී වීම සඳහා කැනඩාවේ සංචාරයක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා G7 සමුළුවට සහභාගී වන බව වාර්තා වෙයි.

වසර එකහමාරක කාලයක සිට ඉන්දියාව සහ කැනඩාව අතර පවතින මතභේදාත්මක තත්ත්වය යථාතත්ත්වයට පත් කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික පියවරක් ලෙස කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කර ඇති බව සඳහන් ය.

ඒ අනුව G7 සමුළුව එළඹෙන 15 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නාර්න්ද්‍ර මෝදි සඳහන් කර ඇත්තේ “කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ  ආරාධනා කිරීම ගැන තමන් සිය ස්තූතිය පළ කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *