ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු වන දිමිත්‍රි පෙස්කොව්ට අනුව දෙරට අතර මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව රුසියාව කනස්සල්ලෙස් පසුවන බව සඳහන් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරානය යනු රුසියාවේ සමීප මිතුරෙකු වන බැවින් ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව රුසියානු ජනාධිපතිවරයාගේ අවධානය මෙලෙස යොමුව ඇති බවය.
මේ අතර ටෙල් අවීව් හි පිහිටි රුසියානු තානාපති කාර්යාලය විසින් රුසියානු පුරවැසියන්ට ඊශ්‍රායලයට යාමෙන් වළකින ලෙස අනතුරු අඟවා ඇති අතර දැනටමත් රට තුළ සිටින ඊශ්‍රායලය ජාතිකයින්ට පිටය යන ලෙසද දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
“තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු හැකි අය ඊශ්‍රායලයෙන් පිටව යා යුතුයි” යනුවෙන් රුසියානු තානාපති කාර්යාලය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා ඇති අතර දේශීය ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් ආරක්ෂිත ප්‍රදේශයන් හී රැඳි සිටින ලෙසත් දන්වා තිබේ.
මේ අතර ඉරානයට එල්ල කළ ප්‍රහාරයන් සම්බන්ධව අදහස් දක්වමින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා ඇත්තේ සිය රටේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලට දැඩි දඬුවම් ලබා දිය යුතු බවය.
මෙම ප්‍රහාර සම්බන්ධව ඊශ්‍රායලයට වේදනාකාරි ඉරණමක් සූදානම් කර ඇති බවත් එය නිසැකවම ඉදිරියේදී ඊශ්‍රායලයට දැක ගත හැකි බවත් ඉරානයේ උත්තරීතර නායකවරයා පවසා ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.