ජොර්දානය සිය ගුවන් සීමාව වසා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කිසිදු යුද්ධයකදි කිසිදු පාර්ශ්වයකට තම ගුවන් අවකාශය හෝ භූමිය භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බව පවසමින් සිය ගුවන් සීමාව වසා දැමීමට එරට පියවර ගෙන ඇති බවය

එමෙන්ම ඉරානයට සිදුව ඇති ප්‍රහාරයන් සම්බන්ධව හෙළා දැක ඇති ජොර්දානය පවසා ඇත්තේ එවැනි ක්‍රියාවන් කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වන බවය.

මේ හේතුවෙන් තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීමට ඉඩ නොදෙන බවත් කිසිදු ගැටුමක් සඳහා යුධ පිටියක් ලෙස ජොර්දානය කටයුතු නොකරන බවත් එරට විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.

එමෙන්ම ජෝර්දානයේ ආරක්ෂාව සම්බන්ධව දැඩි සැලකිල්ලෙන් පසුවන බවද සඳහන් කර ඇති ජෝර්දානය පවසා ඇත්තේ සිය රටේ ආරක්ෂාව සහ පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධව සැලකිල්ලෙන් පසුවන බවත් ආරක්ෂාවට සිදුවන කිසිදු තර්ජනයක් නොඉවසන බවත්ය.

එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ සම්බන්දව පවසා ඇත්තේ රාජ්‍යෙය් ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් සිදුවිය හැකි ඕනෑම අවදානමකට එරෙහිව පූර්ව ආරක්ෂාවක් ලෙස පැමිණෙන සහ පිටතට යන සියලුම ගුවන් යානා සඳහා ගුවන් ගමන් අත්හිටුවා ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *