ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සැඟව සිටින ස්ථානය නිවැරදිවම දන්නා බවත් ඔහු පහසු ඉලක්කයක් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නමුත් ඔහුව ඝාතනය නොකරන බවත් මේ මොහොතේ කිසිසේත්ම ඔහුව ඝාතනය කිරීමට යොමු නොවන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත.

නමුත් මේ වනවිට ඉරානයේ උත්තරීතර නායකයා එහි ආරක්ෂිතව සිටින බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය සටහනෙන් පවසා තිබේ.

එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට අනතුරු ඇඟවීමක් සිදුකරමින් පවසා ඇත්තේ මේ වනවිට ඉවසීමේ සීමාව අඩු වෙමින් පවතින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *