එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ ඒ මහතා එළැඹෙන ජුනි 23 වැනිදා සිට 26 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇති බවය.

2016 පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය බවද අමාත්‍යංශ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමුවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *