ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රතු මුහුදේ දී අම‍ෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව යේමනයේ හූති කැරලිකරුවන් පවසා තිබේ.

ඊයේ (21) අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් හූතිවරු මේ බව සඳහන් කර ඇත.

යේමනයේ අභ්‍යන්තර ගැටුමේදී ඉරානය සහාය දක්වා ඇත්තේ හූතිවරුන්ට බව සඳහන් වේ. 

ඉරානය සමඟ පෙලගැසී සිටින හූති කැරළිකරුවන්, රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි නැව් ගමනාගමනය ඉලක්ක කර ගෙන සිටීම, ලෝකයේ වඩාත්ම වැදගත් සමුද්‍රීය කොරිඩෝවක් හරහා ගමන් කරන වාණිජ හා හමුදා යාත්‍රා සඳහා අවදානමක් මතු කරයි.

හූති කැරළිකරුවන් පවසා ඇත්තේ අමෙරිකාවේ මෙම ප්‍රහාරය  “ආක්‍රමණශීලී ක්‍රියාවක්” ලෙසත් අමෙරිකානු ප්‍රහාරයකට ලක්වන ඕනෑම අරාබි හෝ මුස්ලිම් ජාතියකට තම සහයෝගය ලබා දෙන බවත්ය.

හූතිවරුන්ගේ මැදිහත්වීම කලාපීය නාවික වෙළඳ මාර්ග තවදුරටත් අස්ථාවර කළ හැකි බවට විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *