පිලිපීනයේ මින්ඩනාඕ හී භූ කම්පනයක් හට ගෙන තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

භූ කම්පනය එරට වේලාවෙන් අද (28) උදෑසන 7.07ට හටගෙන ඇත.

ඩාවෝ ඔක්සිඩෙන්ටල් පළාතේ සිට කිලෝමීටර් 70ක් පමණ දුරින් කිලෝමීටර් 101ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන තිබේ.

පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය භූ කම්පාව වාර්තා කර ඇති අතර කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද තහවුරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *