අමෙරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයේ අයහපත් කාලගුණයත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් 13 දෙනෙකු මියගොස් ළමයින් 20 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
අතුරුදන් ළමයින් සෙවීම සදහා හෙල්කොප්ටර් යානා 14 ක් සහ ඩ්‍රෝන යානා 12ක් යොදවා තිබෙනවා.
500 දෙනෙකුගෙන් යුත් සහන කණ්ඩායම් 9ක් ද විපතට පත් වුවන් මුදවා ගැනීම සදහා යොදවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ටෙක්සාස් ප්‍රාන්තයේ ළමයින් 700 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් පැවති ගිම්හාන කඳවුරක සිටි ළමයින් 20 දෙනෙකුයි මෙලෙස අතුරුදන්ව ඇත්තේ.
වැසිත් සමග විනාඩි 45 ක් වැනි කාලයක් තුළ කර් ප්‍රාන්තයේ පිහිටි ග්වාඩලූස් ගංගාවේ ජලය අඩි 26ක් පමණ ඉහළ නැග තිබෙනවා.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ සංවිධාන කර තිබු නිදහස් දින උත්සව කිහිපක් ද අවලංගු කර ඇති අතර ප්‍රදේශ රැසකින් විදුලිය බිද වැටීම් ද වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.