ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම්වලින් පසු පළමුවරට ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එම වාර්තා සදහන් කළේ, එරට පැවති විශේෂ ආගමික උත්සවයකට ඔහු එක්ව ඇති බවයි.
ඔහු මීට පෙර අවසන්වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේ ඊශ්‍රායල ඉරාන යුද ගැටුම් පවතින අවස්ථාවක ඉරාන හමුදා නායකයින් හා විද්‍යාඥයින් මියගිය අවස්ථාවේ ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීම සඳහායි.