ඇමරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් දින කිහිපයකට පසු, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද මේ වනවිට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. 

විදෙස් වාර්තා සඳහන් කළේ, අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නිව් මෙක්සිකෝ කඳුකර ප්‍රදේශයක ඇති වූ ගංවතුරකින් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් ඇති බවයි. 

එමෙන්ම හදිසි තත්ත්වයත් සමග එහි රුයිඩෝසෝ කඳුකර නිකේතන ගම්මානයේ සහ ඒ අවට නිවාස සහ වාහන රැසක පුද්ගලයින් සිරවී සිටින බවද වාර්තා වනවා. 

ටෙක්සාස් කඳුකර ප්‍රදේශයේ ග්වාඩලූප් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සිදු වූ බිහිසුණු ව්‍යසනයෙන් දරුවන් ඇතුළු පුද්ගලයින් 109 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු අතුරුදන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *