ලොව ප්‍රමුඛතම වෙන්දේසි සමාගමක් වන සෝදබීස් වෙන්දේසි සමාගම විසින් පෘථිවිය මතින් මෙතෙක් සොයාගන්නා ලද විශාලතම අඟහරු උල්කාපාතය වන කිලෝග්‍රෑම් 24.4ක බරකින් යුත් NWA 16788 ලෙස හඳුන්වනු ලබන නිදර්ශකය එළි දක්වා තිබෙනවා.
මෙම උල්කා කොටස 2023 නොවැම්බර් මසදී නයිජර් හී දුෂ්කර ප්‍රදේශයක තිබි දඩයම්කරුවෙක් විසින් සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ. මීට වසර මිලියන 5කට පෙර ග්‍රාහකයක් අඟහරු සමඟ තදින් ගැටීමත් සමඟ අභ්‍යාවකාශ වෙත සුන්බුන් සහ පාෂාණ කොටස් මුදාහැර තිබෙනවා.
වසර මිලියන ගණනක් අභ්‍යාවකාශයේ සැරිසැරූ මෙම පාෂාණ පෘථීවයට කඩා වැටි ඇති අතර අඟහරු ග්‍රහයාගෙන් පෘථිවිය මතට පතිතවූ ප්‍රධාන උල්කාපත වර්ග තුනෙන් විශාලතම උල්කාව මෙය ලෙසයි සැලකෙන්නේ.
අඟහරු උල්කාපතය අමෙරිකානු ඩොලර් මිලියන 2ත් 4ත් අතර මිලකට අළෙවි වනු ඇති බවයි සෝදබීස් වෙන්දේසි සමාගම ඇස්තමේන්තු කරන්නේ.