වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව සංචාරකයින් 1,216,344 ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
එසේම මෙම මාසයේ පළමු දින 08 තුළ පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 48,300 ක්.
එම කාලය තුළ වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 10,153 ක්.