ජාත්‍යන්තර මට්ටමේ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ලොව දෙවන වයස්ගතම ක්‍රීඩිකාව බවට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත් වූවාය.

වොෂින්ටන් විවෘත ටෙනිස් තරගාවලියේ ඊයේ (22) පැවති තරගයක් ජයග්‍රහණය කරමින් ඇය මෙම සුවිශේෂී සන්ධිස්ථානය පසු කළාය.

මේ වනවිට 45 හැවිරිදි වියේ පසුවන වීනස් මෙහිදී පරාජය කරනු ලැබුවේ ඇයට වඩා අවුරුදු 22ක් බාල ක්‍රීඩිකාවක වන අමෙරිකාවේම පීටන් ස්ටියර්න්ස්ය.

ඇය 6-3 සහ 6-4ක් ලෙස විලියම්ස් හමුවේ පරාජය වූවාය.

වීනස් විලියම්ස් මේ වනවිට ලෝක කාන්තා ශ්‍රේණිගත කිරීම්හි පළමු දහස අතර හෝ නොමැති අතර, 2024 වසරේ මාර්තු මාසයෙන් පසු කිසිදු ජාත්‍යන්තර තරගයක් හෝ ක්‍රීඩාකරන නොමැත.

එම කාලසීමාවේදී ද ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්හි 970 පසුවූවාය.

කෙසේ නමුත් විලියම්ස් විසින් පරාජය කළ 23 හැවිරිදි ස්ටියර්න්ස් මේ වනවිට ශ්‍රේණිගත කිරීම්හි 35වන ස්ථානයේ පසුවේ.

ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා 7කට හිමිකම් කියන වීනස්, මෙම තරගාවලියට ප්‍රවේශය ලබාගත්තේ ද ‘වයිල්ඩ්කාඩ්’ හරහාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *