අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබේ.
ස්කොට්ලන්තයේ පැවති යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව, නව ගිවිසුම යටතේ, අගෝස්තු 1 වනදා සිට බොහෝ භාණ්ඩ සඳහා මීට පෙර යෝජනා කරන ලද 30% අනුපාතය ප්‍රතිස්ථාපනය කරමින්, එක්සත් ජනපදයට කරන සියලුම යුරෝපා සංගම් අපනයන සඳහා 15% ක ස්ථාවර තීරුබදු පනවනු ලබන බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.