කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඒකක 19,500 සීමාවේ අසන්නයට පැමිණීමට අද (25) දින සමත්විය. ඒ ඉතිහාසයේ ඉහළම සියලු කොටස් මිල දර්ශකයේ වාර්තාව අද යළි අලුත් කරමිනි.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 88.47කින් ඉහළ ගොස් ඒකක 19,467.71ක් ලෙසින් සටහන් විය.

අද S&P SL 20 මිල දර්ශකය දැක්වුනේ ඒකක 27.67කින් ඉහළ ගොස් ඒකක 5,755.04ක් ලෙසයි.

අද සමාගම් 120ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 92කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.

එහි දී සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, CT හෝල්ඩිංග්ස්, DFCC බැංකුව, බුකිට් ඩාරා සහ මෙල්ස්ටාකෝප් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.22 ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *