තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය වහාම ක්‍රියාත්මකවන පරිදි තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා පවසා ඇත්තේ, තම රට ‘කොන්දේසි විරහිතව’ සටන් විරාමයක් ඉල්ලා සිටි බවන බවත්, යුද ගැටුම්වලට සාමකාමී විසඳුමක් අවශ්‍ය බවත්ය.

කෙසේ වෙතත් තායිලන්තය මේ දක්වා සටන් විරාම යෝජනාවට ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත.

ඔවුන් මේ වනවිටත් කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත්කර ඇත.

මෙම යුද ගැටුම් හේතුවෙන් දෙරටේම අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වී සිටියි.

තායිලන්තයේ වැඩබලන අගමැතිවරයාද ඊයේ අනතුරු ඇඟවා සිටියේ මෙම දේශසීමා ගැටුම “යුද්ධයක් කරා ගමන් කළ හැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *