හයිටි රාජ්‍යයේ අපරාධ කල්ලි සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළ යාමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පවතින තත්ත්වය සළකා බලා එරට ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි ඊයේ පියවර ගෙන තිබුණේ.
ඒ අනුව, එම හදිසි තත්ත්වය මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන බව එරට රජය නිවේදනය කළා.
මේ වනවිට අර්බුදයකට මුහුණ පා ඇති කෘෂිකර්මාන්තය හා ආහාර හිඟතාවයට ඉක්මන් විසදුම් ලබාගැනීමට එම ක්‍රියාමාර්ගය උපයෝගී වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.